Monday, September 14, 2026
spot_img

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් තුවාල ලබා සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

Must read

පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක පසුගිය 13 වනදා ගෑස් සිලින්ඩරයක් පිපිරී යාමෙන් බරපතළ තුවාල ලබා කොළඹ මහ  රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති  විවාහක  කතක්   ඊයේ (25)  සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය  අංක 68 ලිපිනයේ පදිංචිව සිටි  බී.ජී. අයේශා කුමුදුනි යන අය බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.


 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article