ජීවන වියදම් කමිටුව මගින් ගත් තීරණයකට අනුව 12.5kg බරැති ගෑස් සිලින්ඩරයක මිල හෙට දිනයේ සිට රු.158කින් වැඩි කිරීමට නියමිත බව වාර්ථා වෙයි. ඒ අනුව හෙට දිනයේ සිට 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු. 1,696ක් වනු ඇත.
මෙම මිළ ඉහල දැමීම සිදුකිරීමට හේතු වී ඇත්තේ ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් විසින් සිදුකල ඉල්ලීමක් වන අතර එම සමාගම් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල මේ වන විට ඇ.ඩො.590.05ක් දක්වා වැඩිවී ඇති බව පෙන්වා දෙමින්ය. මේ වසරේ මාර්තු මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් එකක් මිල සටහන්ව තිබුනේ ඇ.ඩො. 469.50කය.



