Wednesday, May 15, 2024

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩුවෙන් ගාමිණී සෙනරත්ට ඇප

Must read

gamini senarath

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ කැදවූ පළමු නඩුව ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා  ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුව අද කැදවූ අවස්ථාවේදී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් 4 දෙනාටම ඇප ලබාදීමට එම මහාධිකරණය තීරණය කර තිබේ.

ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන්  කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබාදුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති නිරෝධී ලෙස ආයෝජනය කිරීමේදී  සිදුව ඇතැයි පැවසෙන මුදල් වංචාවක් සදහා  මොවුන්ට එරෙහිව චෝදනා  එල්ලවී ඇත.

මෙහිදී මෙම සැකකරුවන් 4 දෙනාට එක් අයෙකුට රු.ලක්ෂය බැගින් වන මුදල් ඇපයක් හා රු.මිලියනක ශරීර ඇප දෙකක් බැගින් නියම කර ඇත. සියළුම සැකකරුවන්ට රටින් පිටවීම තහනම් කර ඇති අතර මීළග නඩු විභාගය සැප්තැම්බර් ස 19 වනදා කැදවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article