අන්තර්ජාතික කඩොලාන දිනය නිමිත්තෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා සංවිධානය කළ කඩොලාන සංරක්ෂණය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජූලි 26 වන දින ආනවිලුන්දාව අන්තර්ජාතික රැම්සා අභයභූමියේ දී සාර්ථකව පැවැත්විණි.
කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය වඩාත් ශක්තිමත් කිරීම සහ ඒ සඳහා නවීන තාක්ෂණික මෙවලම් භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සහ වනසත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) එක්ව ආනවිලුන්දාව අභයභූමියේ දැනට ක්‍රියාත්මක කරනු ලබන කඩොලාන ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම සිදු කරන ලදී. මීට අමතරව,
පුරවැසි විද්‍යා (Citizen Science) ප්‍රවේශය ඔස්සේ පරිසර පද්ධති පිළිබඳ තොරතුරු රැස් කිරීමට සහ නිරීක්ෂණ වාර්තා කිරීමට භාවිත කළ හැකි BluTally ජංගම දුරකථන යෙදුම (Mobile App) හඳුන්වා දීම සිදු කරන ලදී. මෙම යෙදුම ඔස්සේ නව තාක්ෂණික මෙවලම් භාවිතා කොට කඩොලාන සංරක්ෂණය ප්‍රවර්ධනය කරන ආකාරය හා හානියට ලක් වූ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ කරුණු දැනගත හැක.
මෙම විශේෂ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා විසින් ය. එමෙන්ම, පරිසර පද්ධති සුරැකීමේ මෙම රාජ්‍ය හා අධ්‍යාපනික ප්රයත්නය උදෙසා පෞද්ගලික ආයතන රැසක් ද සිය දායකත්වය සහ අනුග්‍රහය ලබා දී තිබීම විශේෂත්වයකි.
Department of wildife concervation department










