Thursday, June 25, 2026

වන අලින් නගර වැදීම වළක්වා දෙන්නයි බලධාරීන්ට බල කරමින් මහ මඟ වසා දඹුල්ලේ උද්ඝෝෂණ

Must read

 

වන අලින් නගර වැදීම වළක්වා දෙන්නයි බලධාරීන්ට බල කරමින් මහ මඟ වසා දඹුල්ලේ උද්ඝෝෂණ
26 වන දින
එදිනට විසඳුමක් නැති වුවහොත් ගම්පිටින් නැවත මහපාරට ජනතාව චෝදනා කරයි

මාස ගණනාවක සිට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණ්ඩලම, ඇරැවුල, සිසිරවත්ත්න , අතුපාරයය ,පහලවැව ආදී ප්‍රදේශවල රාත්‍රී කාලයේ වන අලින් ගම්මාන වලට සහ නගරයට පැමිණ බව භෝග විනාශ කරමින් නිවාස විනාශ කරමින් සිටින බව ප්‍රදේශවාසීන් අවස්ථා ගණනාවක බලධාරීන් වෙත දැනුම් දුන්නද ඊට නිසි විසඳුමක් ඉල්ලා 24 දින පෙරවරුවේ දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේදී මාර්ග වසා දමා ජනතාව විරෝධතාවයක නිරත වූහ.
විරෝධතාවය හේතුවෙන් දඹුල්ල කණ්ඩලම වෑවල වැව දිවෙන ප්‍රධාන මාර්ගය දඹුල්ල මහියංගණය ප්‍රධාන මාර්ග දෙකම වාහන ගමනාගමනයට බාධා එල්ල වීය

යෝජනා කළ අලි වැට නැවත ඉල්ලීම , දේපළ හානි වලට වන්දි ලබා ගැනීම දැනට නොසන්සුන් වී ඇති ජන ජීවිත වලට ආරක්‍ෂාව ලබා ගැනීම ආදී කරුණු උද්ඝෝෂකයන් ප්‍රකාශ කරන්නට වූහ
ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනයට බාධා එල්ල වීමත් සමඟ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජයසුන්දර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කරන්නට වූහ
පසුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ තමන් වගකිවයුතු බලධාරින් එම ස්ථානයට කඩිනමින් කැඳවා දීමට පොරොන්දු වන බවත් එතෙක් මාර්ගයේ වාහන ගමන් කිරීමට ඉඩ ලබාදෙන ලෙසය .එම ඉල්ලීම ඉටු කරමින් ප්‍රදේශවාසීන් මාර්ගයේ දෙපසට වී විරෝධතාවයේ නිරතව සිටියහ
පැයක පමණ කාලයකට අනතුරුව දඹුල්ල නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී මහතාත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කරන්නට විය

වසන්ත කුමාර රාජමන්ත්‍රී මහතා සඳහන් කළේ මෙ වන විට වන අලි ගැටලුව පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන බවය. ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය කඩිනමින් ඊට විසඳුම් සොයමින් සිටින බවත් පෙන්වා දුන්නේය
කෙසේ වෙතත් ලබන සිකුරාදා විසි හයවන දින මෙයට ස්ථිර විසඳුමක් ලබා ගැනීමේ සාකච්ඡාවක් පවත්වන බවත් ඒ සඳහා විරෝධතාකරුවන්ට සහභාගී වන ලෙස ආරාධනා කළේය.
විරෝධතා කරුවන් සඳහන් කළේ විසි හය වන දින සාධාරණ විසඳුමක් ලබා දෙන තුරු විරෝධතාවය තාවකාලිකව අත්හිටුවා එදිනට විසඳුමක් ලබා නොදුනහොත් මීට වඩා ඉහළින් සංවිධානාත්මකව විරෝධතා සිදුකරන බවය.

( දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

2026.06.24

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article