අද දිනය තුළ ප්‍රමාණවත් තරම් විදුලි ධාරිතාවක් උත්පාදනය කරන බැවින් විදුලි කප්පාදුවක අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.
මේ වන විට කැළණිතිස්ස බලාගාරය සදහා නැප්තා ලැබීම නිසා ඉන් මෙගා වොට් 150 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක්වන බවත් කොළඹ වරායේ පාවෙන විදුලි බලාගාරය සදහා අවශ්‍ය දැවි තෙල් ලැබීම හේතුවෙන් එම බලාගාරයේ මෙගා වොට් 60ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරන බවත් විදුලි බව මණ්ඩලය පවසයි