Wednesday, May 15, 2024

රාගම වෛද්‍ය පීඨ සිදුවීම : සැකකරුවන්ට ඇප

Must read

රාගම වෛද්‍ය පිඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 09 දෙනා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.

බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ සැකකරුවන් 9 දෙනාගෙන් 5 දෙනෙකු පමණක් වන අතර එක් සැකකරුවෙකු කොවිඩ් ආසාදනයට ලක්ව තිබීම සහ තවත් සැකකරුවෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.තවත් සැකකරුවන් දෙදෙනෙකු රාගම පොලීසිය අද මහෙස්ත්‍රාත්වරයාගේ නිළ මැදිරියේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබිණි.

සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහ‍ෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඉදිරිපත්ව ඇති බොහෝ චෝදනා සමථ මණ්ඩලයකට යොමුකර සමථයකට පත්විය හැකි චෝදනා බව පෙනී යන බවය.

ඒ අනුව නීතීඥයින් සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු ඉදිරිපත්ව නොමැති බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා කොවිඩ් තත්ත්වය සහ සැකකරුවන් සියලුදෙනා තරුණ වයසේ පසුවන්නන් බව සලකා ඔවුන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරින බව ප්‍රකාශ කර තිබේ. සැකකරුවන් මුදා හැර ඇත්තේ යළි මෙවැනි ආකාරයේ ගැටුම්වලට මැදිහත් නොවන ලෙස තරයේ අවවාද කිරීමෙන් පසුව හා එක් සැකකරුවෙකු රුපියල් 5,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05ක ශරීර ඇපයක් පැනවීමන් අනතුරුවය.

සැකකරුවන් සියලු දෙනාට විදෙස් ගමන් තහනම් කර ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු කාලයේදී රාගම පොලිසීයේ පෙනී සිටින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

(අදදෙරණ ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article