Friday, May 17, 2024

P2P සම්බන්ධයෙන් TNA මන්ත්‍රීවරුන්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කිරීමට කල්මුණේ පොලීසිය අසමත් වෙයි

Must read

පොතුවිල් සිට පොලිකන්දි දක්වා පැවති මහජන රැළිය සම්බන්ධයෙන් අධිකරණ තහනමක් උල්ලංඝනනය කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  හත් දෙනෙකුට එරෙහි නඩුව සම්පූර්ණයෙන් අත්හිටුවීමට කල්මුණේ මහේස්ත්‍රාත් ජේ.එන්. රිස්වාන් මහතා ඊයේ  (30) නියෝග කළේය.‍

පසුගිය පෙබරවාරි 2 වනදා නැගෙනහිර සිට උතුරට  සිදුකළ මහජන රැළියට සහභාගී වීම සම්බන්ධයෙන් කල්මුණේ පොලිසිය විසින් පසුගිය වසරේ පෙබරවාරි 3 වන දා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 29 දෙනෙකුට වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි. පසුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු විසින්  මෙම අධිකරණ නියෝගය උල්ලංඝනය කර ඇති බවට   නැවතත් පොලිසිය  විසින් අධිකරණයට පෙත්සමක්  ඉදිරිපත්කරන ලදී.  මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් ඊයේ (30 ) කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගන්නා ලදී.
මෙම නඩුවේ  විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ,පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ  පෙරින්පරාජා  යන මහත්වරුන් පෙනී සිටින ලදී.

පොතුවිල්  සිට පොලිකන්දි  දක්වා පැවති රැලියේදී  පොලීසිය විසින් පනවා තිබූ තහනම උල්ලංඝනය  කරමින් කිසිවෙකු කටයුතු කර ඇතිබවට සාක්ෂි ඉදිරිපත්කරන ලෙස, ඒසේ නොමැති නම් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙස  මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දී ඇත.
ඒ අතර  විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් පොලීසිය විසින්  කරන ලද චෝදනාව සනාථ කිරීමට සාක්ෂි ඉදිරිපත්කිරීමට අපොහොසත් වන්නේ නම් පොලීසිය විසින්ම නඩුව ඉල්ලා අස්කරගතයුතු බවට යෝජනා කරන ලදී. මහේස්ත්‍රාත්වරයා විසින් මේ සම්බන්ධයෙන් විමසූ විට  කල්මුණේ පොලීසිය විසින් ප්‍රකාශකරන ලද්දේ මේ සම්බන්ධයෙන් උසස් නිලධාරීන්ගෙන් උපදෙස් පැතිය යුතු බවයි.

විත්තිකරුවන්ගේ ඉදිරිපත් කිරීම් විභාග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව මුළුමනින්ම අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලදී.

දේවා

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article