Tuesday, April 30, 2024

NARA ආයතනයේ නිල් සයුර පර්යේෂණ වාර්ථාව ධීවර ඇමති අතට

Must read

sayura

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් NARA ආයතනය විසින් 2017 වසරේ සිදු කරන ලද පර්යේෂණ ඇතුළත්  පර්යේෂණ වාර්තාව නිල් සයුර නමින්  පසුගියදා එළිදක්වනු ලැබීය. එම වාර්තාව නාරා ආයතනයේ සභාපති වන ආචාර්ය අනිල් ප්‍රෙමරත්න මහතා විසින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හා අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාට පිළිගන්වන ලදී

ශ්‍රී ලංකාවේ කුඩා සාමුද්‍රික මත්ස්‍ය කර්මාන්තය, ශ්‍රී ලංකාවේ මහා  සාමුද්‍රික මත්ස්‍ය කර්මාන්තය, ටූනා මත්ස්‍ය කර්මාන්තයේ වෙනස්වීම්,  ටූනා මසුන්ගේ ආමාශයේ තිබී පොලිතීන් හමුවීම හා සාමුද්‍රික පරිසර දූෂණය, මුහුදු කූඩැල්ලන් ධීවර කර්මාන්තය, ගල්මාළු  විශේෂවල ජෛව සහ ධීවර විද්‍යාත්මක අධ්‍යයනය, මාදැල් කර්මාන්තයේ යෝග්‍යතා, කැස්බෑවන් හා නිල් කකුළුවන් පිළිබඳ අධ්‍යයනය ආදි පර්යේෂණ රැසක තොරතුරු ඊට ඇතුළත් බව වාර්ථා වේ.

කළපු ආශ්‍රිතව මත්ස්‍ය බෝවීමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවත්, ඊට බලපාන කරුණු පිළිබඳව ද අවධානය යොමුකරමින් නාරා ආයතනය මගින් පර්යේෂණයක් සිදු කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ දී  ප්‍රධාන පර්යේෂණ ආයතනය වන නාරා ආයතනය විසින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක වන පරිදි විශ්වසනීයත්වයෙන් කටයුතු කළ යුතු බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article