කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මව සමග පළාගිය පුත්‍රයා අද (20) උදෑසන ඇහැලියගොඩ ප්‍රදේශයේ දී සොයා ගෙන තිබේ.
මෙසේ සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 2ක් පමණ වන දරුවෙකි. 25 හැවිරිදි මව මේ වන තෙක් හමුවී නොමැත.අදාළ මව ඊයේ රාත්‍රීයේම පුත්‍රයා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාති නිවසකට භාර දී එම ස්ථානයෙන්ද පළාගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව පුත්‍රයා පොලිස් භාරයට ගෙන තිබේ.
පළාගිය කාන්තාව සොයා මේ වන විට පොලීසිය විසින් මෙහෙයුම් ආරම්භ කර තිබේ. මෙම කාන්තාව හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බව ද පොලීසිය පවසයි.