Wednesday, May 1, 2024

Don Maya ගේ ඩිජිටල් පුස්තකාලය!!!

Must read

Don Maya ගේ ඩිජිටල් පුස්තකාලය!!!
=====================
ඩිජිටල් අවකාශයේ දොන් මායා නමින් ප්රකට මායාදුන්නේ සහෝදරයා කරමින් සිටින කාර්යභාරය ඒ තරම්ම අගැයීමට පාත්ර වී ඇති එකක් බව නොපෙනේ. එනම් ලංකාවේ පසුගිය වසර කීපයේ දේශපාලන ඉතිහාසය පිළිබද මිල කළ නොහැකි වීඩියෝ දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමයි. සාමාන්යෙයන් විදේශවලින් ආධාර ලබන NGO සංවිධානයක් මෙවැනි කටයුත්තක් කරනවා නම් එය දැවැන්ත ආයෝජනයක් විය හැක.
ගමන් කිරීමට වාහනයක්, දියුණු කැමරා උපකරණ, සංස්කරණය සදහා පරිගණක, එමෙන්ම කීප දෙනෙකුගෙන් යුත් ඉලක්කම් හයේ වැටුප් ලබන කාර්ය මණ්ඩලයක්, කාර්යාල පහසුකම්, ගමන් බිමන් වලදී හොද කෑම බීම හා සුව පහසු නවාතැන් පහසුකම් යනාදිය ඊට ඇතුළත් වනු ඇත.
නමුත් මායා මේ වටිනා ඩිජිටල් මාධ්ය පුස්තකාලය නිර්මාණය කරන්නේ ඒ කිසිවක් නොමැතිවයි. ඔහුට මුල්යමය වශයෙන් හෝ සංවිධානමය වශයෙන් මා දන්නා ආකාරයට කිසිවෙක් අනුග්රහ දක්වන්නේ නැත. මා දන්නා ආකාරයට මෙයින් ඔහුට කිසිම ආදායමක් ලැබෙන්නේ නැත.
විවිධ අවස්ථාවන් ආවරණය කිරීම සදහා ඔහුට ආරාධනා කරන අය ඔහුගේ ගමන් වියදම් හෝ ලබා දෙනවාදැයි මම නොදනිමි. ඔහුගේ වීඩියෝ එකතුවට අයත් වන්නේ විවිධ අවස්ථාවන් හී දීර්ඝ ධාවන කාලයක් සහිත වීඩියෝ වාර්තා බැවින් ඒවාට විශාල නැරඹුම් සංඛයාවක් ද නැත. ඒ නිසා සාමාන්ය යූටියුබ් නාලිකා මෙන් වෙළෙද දැන්වීම හරහා කරන ඉපැයීම් සදහා ද අවස්ථාව නැත.
මේ වනවිට ඔහුගේ යූ ටියුබ් චැනලයේ වීඩියෝ 1200කට අධික ප්රමාණයක් අඩංගු වී ඇත. ඒවාගේ ඇතුළත් වන්නේ පසුගිය වසර කීපය තුළ දේශපාලන හා සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් අවස්ථාවන්හී වීඩියෝ වාර්තාවන්ය. මේ එකතුව කොයිතරම් වටින්නේ ද යන්න තේරුම් යනු ඇත්තේ තවත් වසර හෝ සමහර විට දශක කීපයකින් ලංකාවේ දේශපාලන වශයෙන් ඉතා වැදගත් වකවානුවේ දේශපාලන ඉතිහාසය ගවේෂණය කරන කෙනෙකුටයි.
කාල් මාක්ස්ගේ කෘතීන්ගෙන් අද විශාල සමාගම් දැවැන්ත ලාබ උපයයි. එහෙත් කාල් මාක්ස් හා ඔහුගේ පවුල දරිද්රතාවයෙන් මිරිකෙමිනි ඒ කෘතීන් සම්භාරය නිර්මාණය කලේ. Van Gough නම් චිත්ර ශිල්පියා දැන් ඩොලර් මිලියන ගණන්වලට අලෙවි වන කෘති නිර්මාණය කළේ අතේ සතේ නැතුවයි.

ඔහුගේ යූ ටියුබ් චැනලයේ ලින්ක් එක කමෙන්ට් තීරුවේ ඇත. එයට සබ්ස්ක්රයිබ් කරන්න. එහි එන වීඩියෝ සදහා ප්රචාරය ලබා දෙන්න

(කේ. සංජිවගේ ෆේස්බුක් පිටුවෙනි )

https://www.youtube.com/@donmaya2153

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article