Friday, May 3, 2024

මත්පැන් මිල අඩු කරන බවට දැනට පැතිර යන කටකතාවේ කිසිදු පදනමක් නැතැයි හෙළිවෙයි !

Must read

එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මත්පැන් මිල අඩු කරන බවට දැනට පැතිර යන කටකතාවේ කිසිදු පදනමක් නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත

සුරාබදු මාධ්‍ය ප්‍රකාශක චන්න වීරක්කොඩි පවසා තිබුනේ මත්පැන් සඳහා පනවා ඇති අධික සුරාබදු බද්ද හේතුවෙන් අධික ලෙස මත්පැන් මිල ගණන් ඉහළ ගොස් ඇති බවට මේ වන විට මාධ්‍ය තුළ ප්‍රවෘත්ති ප්‍රචාරය වෙමින් පවතින බවත්, මත්පැන් මිල අඩු කිරීමට පියවර ගන්නා බවත්ය.

මත්පැන් සඳහා වන සුරාබදු බද්ද සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට නිසි බලධාරියා වන මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු නියෝගයක් හෝ උපදෙස් ලැබී නොමැති බැවින් මත්පැන් මිල අඩු නොකරන බවද ඔහු පවසා තිබුණි

එබැවින් මත්පැන් මිල අඩු කිරීම පිළිබඳ පුවත අසත්‍ය සහ පදනම් විරහිත බව සුරාබදු කොමසාරිස් ආදායම් මෙහෙයුම් වීරක්කොඩි අවධාරණය කර තිබේ..

මේ අතර ඇතැම් වෙබ් මේ කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයා උපුටා දක්වමින් මත්පැන් මිළ අඩුවන බව වාර්තා කර තිබුණි
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත දැමීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසා තිබුණ බව www.sannasa.lk නැමැති වෙබ් අඩවියක්ද වාර්තා කර ඇත

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටි බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article