බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතරතුරදී ඉන්දීය කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වන ඊමේල් පණිවිඩයක් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලැබී ඇත.
මෙම ඊමේල් පණිවිඩය පළමුව ලැබී අැත්තේ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට වන අතර පසුව එය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හා ICCය වෙතද ලැබී තිබේ.
මේ සම්බන්දයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කර ඇත්තේ තම කණ්ඩායමට කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවස්ථාවක් නොමැති බවත් කණ්ඩායමේ ආරක්ෂාව තර කර ඇති බවත්ය.