Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ප්‍රධාන පෙලේ නඩු 5ක විමර්ශණ අවසන් කර ඉදිරිපත් කරන ලෙස නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

Must read

ප්‍රධාන පෙලේ නඩු 5කට අදාල සියළු විමර්ෂණ අවසන් කොට ඒවාට සම්බන්ද සියළු වැඩකටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව අවසන් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිතුමන්ට ලිපියක් මගින් දැනුම් දි තිබේ.

එම ලිපියට අනුව නීතිපතිවරයා විසින් දිගින් දිගටම පරීක්ෂණ කඩිනමින් අවසන් කරන ලෙස දැනුම් දුන්නද ඒවා ප්‍රමාද වූ බවත් තවදුරටත් ප්‍රමාද වීමකින් තොරව පරීක්ෂණ අවසන් කරන ලෙසත් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දන්වා යවා ඇත.

නීතිපති විසින් යවන ලද ලිපියට අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය,වසීම් තාජුඩීන් ඝාතනය,කීත් නොයාර් පැහැරගෙන යෑම,තරුණයන් 11 දෙනෙකුගේ අතුරුදන්වීම හා පුද්ගලයන් 17 දෙනෙකු ඝාතනය කිරීම යන සිදුවීම් වලට අදාල නඩු වලට අදාල විමර්ශණ හැකි ඉක්මනින් අවසන් කරන ලෙස දන්වා ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article