Sunday, November 17, 2024

මහින්දගේ ළඟම කට්ටියක් අපිට එකතු වෙනවා : අකිල

Must read

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වටේ සිටින පිරිස අතරින් කිසිවකු නොසිතන කිහිපදෙනකු ආණ්ඩුව සමඟ එක්වීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

මහ ලේකම්වරයා පැවැසුවේ ආදාළ මොහොතේ ඒ කවුදැයි පැවැසීමට තමා සූදානම් බවත් කිසිවකු ආණ්ඩුවෙන් ඉවත් නොවන බව ස්ථිර බවත්ය.

ආණ්ඩුව සමඟ සියලු බලවේග එකතු කරගත හැකි බවට විශ්වාසයක් පවතින බවද එජාපයට වැඩිම වාසිය ගෙන දෙන්නේ ජනාධිපතිවරණයේදී බවද අමාත්‍යවරයා කීය.

ඔහු පැවැසුවේ ඇතැම් පිරිසක් ආණ්ඩුව සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටිනවා සේම දෙතුන් පැත්තෙන්ම පැමිණීමට පිරිසක් සිටින බවත්ය.

(Mawbima)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article