Thursday, September 17, 2026
spot_img

ඉරිදා පාර්ලිමේන්තුව කැඳවන ලෙස රනිල් කථානායකගෙන් ඉල්ලයි.

Must read

 parliment-f

එළඹෙන ඉරිදා දින (28) වැනිදා පාර්ලිමේන්තුව කැඳවන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පූර්ව දැනුම් දීමකින් තොරව එලෙස පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි හෙයින් සඳුදා (29) දින පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතය.

ඒ අනුව එහිදී දෙපාර්ශවයට සිය බහුතරය පෙන්වීමට සිදුවන අතර ආණ්ඩු බලය කාගේද යන්න තීරණය කළ හැකිය.

නීතිමය වටපිටාව පිළිබඳ නිශ්චිතව පූර්ව දැනුවත්භාවයකින් තොරව ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙහි මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන් සිල්වා මහතා බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

Home

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article