නාවික වැඩබිම අභය භූමිය තුළ බලපත්ර නොමැතිව නීතිවිරෝධී ලෙස වැලි ගොඩදමමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් පසුගිය 02 වැනි දින අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම නාවික වැඩබිම අභය භූමිය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී ක්රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කන්තලේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකරුවෙකුට රුපියල් 100,000/- බැගින් ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කන්තලේ වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය මගින් සිදු කරනු ලබයි


