Friday, September 11, 2026
spot_img

නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට

Must read

 

නාවික වැඩබිම අභය භූමිය තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස වැලි ගොඩදමමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් පසුගිය 02 වැනි දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම නාවික වැඩබිම අභය භූමිය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී ක්‍රියාත්මක කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකරුවෙකුට රුපියල් 100,000/- බැගින් ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කන්තලේ වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය මගින් සිදු කරනු ලබයි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article