ඊයේ පැවැත්වුණ ලංකාවේ 10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ඓතිහාසික ජන වරමක් ලබාදී තිබේ. ආසන 159 ක් දිනාගනිමින් මේ වනවිට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත්කරගැනීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබී ඇත.
එහිදී ජාතික ජනබලවේගයට ඡන්දයෙන් මන්ත්‍රී ආසන 141ක් ද, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසන 18 ක් ද, ලෙස සමස්ත ආසන 159 හිමිවිය.
ඡන්ද 1,968,716ක් හිමි කර ගත් සමගි ජන බලවේගයට හිමි වූ ආසන සංඛ්‍යාව 40කි.
ඉලංගගේ තමිල් අරුසුකච්චි පක්ෂය ඡන්දයෙන් ආසන 7 ක් ඇතුළුව මන්ත්‍රී ආසන 8 ක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානයට පත්විය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ආසන 5 ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3 ක්ද, සර්වජන බලයට ජාතික ලැස්තු මන්ත්‍රි ධූරයන් ද හිමිව තිබේ.