Tuesday, September 22, 2026
spot_img
spot_img
spot_img
spot_img

නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දැනුම් දෙයි

Must read

 

පාර්ලිමේන්තු මැතිවරණය පිළිබදව නිල නොවන ප්‍රකාශ නිකුත් නොකරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

2024 සැප්තැම්බර් 25 වන දා (බදාදා) මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධ මාධ්‍ය උපමානවලට අනුව කටයුතු කරන ලෙස සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන , අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පරිපාලකයන් වෙත රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. 

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් ප්‍රතිඵල ප්‍රකාශ කරන තෙක් නිල නොවන ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්  වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article