Monday, September 23, 2024

රනිල් අලියා පිටේ නැගී මහා මැතිවරණයට !

Must read

මහ මැතිවරණයට අලියා ලකුණෙන් ඉදිරිපත් වීමට සුදානම් වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ කළමනාකරණ කමිටුවට ඊයේ (22) දැනුම් දී ඇත.ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේ හදිසි සාකච්ජාවක් කැඳවා ඇති අතර එහිදී  මෙම උපදෙස් ලබා දී තිබේ.දිවයිනේ සැම දිස්ත්‍රික්කයක් සඳහාම නාම යෝජනා සකස් කිරීමේ නවකයන් පස්දෙනකු ඇතුළත් කරන ලෙසද එජාප නායකයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.

මෙම සාකච්ජාවේදී ජනාධිපතිවරණයේ ප්‍රතිපල විශ්ලේශණයක්ද සිදු කර ඇති අතර “අලියා” ලකුණෙ ඉදිරිපත් නොවීම මැතිවරණ ජයග්‍රහණයට බාධාවක් වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article