Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොක්කුතොඩුවායි සමූහ මිනී වලේ කැණීම් ආරම්භ වේ

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි ප්‍රෙද්ශයේ දී හමුවූ සමූහ මිනීවලේ කැනීම් කටයුතු පෙරවරු 10.30ට පමණ  ආරම්භ කර තිබේ. මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු වෛද්‍ය ප්‍රදීපන් මහතා ඉදිරියේ මෙම මිනිස් සුසාන භූමියේ කැණීම් කටයුතු ආරම්භ කර ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විදුහල්පති මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.වාසුදේව, යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී සී.ප්‍රනවන් සහ අධිකරණ වෛද්‍ය පොලිසිය කැණීම් කටයුතු සිදු කරයි.

2023.06.29 වන දින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල නළ එලීම සඳහා ඉඩම් කැණීම් කරමින් සිටි මුලතිව් දිස්ත්‍රික්කයේ කයිරතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොක්කුතොඩුවායි මධ්‍ය ග්‍රාම නිලධාරී වසමේ මිනිස් අස්ථි කොටස් හමුවී ඇත. මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව අද කැණීම් කටයුතු ආරම්භ කර තිබීමද විශේෂත්වයක්.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article