Wednesday, May 8, 2024

තලේබාන් පාලනයේ වෛරයට පාත්‍රවූ ඇෆ්ගන් සංගීතය

Must read

2021 අගෝස්තු මාසයේදී තලේබාන් කණ්ඩායම විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත්කරගත් පසු එරට  සංගීතඥයින් සහ සමස්ත සංගීත ක්ෂේත්‍රයට තලේබාන් පාලනයෙන් දැඩි තර්ජනයක් එල්ල වී ඇත. පූර්ව වර්ෂ වසර 20ක් තුළ ඇෆ්ගනිස්ථානයේ සාම්ප්‍රදායික හා නවීන සංගීතය දියුණු විය. තලේබාන් සංවිධානය බලයට පත් වී මාසයකටත් අඩු කාලයකින් ඒ සියල්ල වෙනස් වූ අතර එහි සමහර සාමාජිකයින් සංගීතඥයින්ට හිරිහැර කිරීමට පටන් ගත් අතර ඔවුන් බිය ගන්වා සංගීතය වාදනය කිරීම නතර කරන ලෙස බල කළහ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යට අදහස් දැක්වූ එරට කලාකරුවෙකු මෙසේ අදහස් දක්වා ඇත.

”තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමෙන් පසු ඔවුන් සංගීතය සහ කලාව පිටුවහල් කිරීමට පටන් ගත්හ. ඔවුන් සංගීතය තහනම් කළේ එය ඉස්ලාමයේ හරාම් [තහනම්] යැයි ඔවුන් විශ්වාස කරන බැවිනි. සංගීත තහනම හේතුවෙන් බොහෝ සංගීත ශිල්පීන්ට රැකියා අහිමි වූ අතර, ඔවුන් මේ වන විට අතිශය දුෂ්කර ආර්ථික හා ආරක්ෂක තත්වයක සිටී.

වර්තමානයේ සංගීතයට සවන් දීම නීති විරෝධී ය. රූපවාහිනියේ හෝ ගුවන් විදුලියේ සංගීතයට සවන් දීමට කිසිවෙකුට හැකියාවක් නැත. කිසිම කෙනෙකුට සංගීතය හැදෑරීමට හෝ ඉදිරිපත් කිරීමට අවසර නැත.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය සංගීතයෙන් හා කලාවෙන් තොර ස්ථානයක් බවට පරිවර්තනය කර ඇත. ඔවුන් එය නිහඬ, ගොළු රටක් බවට පරිවර්තනය කළා. සංගීතය සහ කලාව අතිශය භයානක තත්ත්වයක පවතී. තලේබාන්වරු ඇෆ්ගනිස්තානය සංගීතඥයන්ගේ සිරගෙයක් බවට පත් කළ නිසා දැන් සංගීතඥයෙකු ලෙස එහි ජීවත් වීම ඉතා අපහසුය.”

තොරතුරු – globalvoices

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article