Saturday, September 21, 2024

සහල් අතිරික්තයක් ! රටින් ගෙන්විම නැවැත්විමට ජනපතිගෙන් උපදෙස් !

Must read

තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර  ඇතැයි ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ

කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිතුමන් හමුවූ අවස්ථාවක දීය.

පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේ දී මේ වනවිටත් වගා කිරීමට ඉළක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර් ලක්ෂ 08න් හෙක්ටෙයාර් 675,600ක් පමණ වගා කිරීමටත් ගොවි ජනතාව කටයුතු කර ඇති බැවින් 2023 වසරේ දී රටට සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි ද අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග ප්‍රකාශ කළ බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

එහි මෙසේද සදහන්ය….

ඒ අනුව සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට එම අවස්ථාවේ ම උපදෙස් දෙනු ලැබීය.

2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීම නිසා මෙරට සහල් හිඟයක් ඇතිවෙතැයි අනාවැකි පළ වූ නිසා දිගින් දිගටම මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරටට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 675,288කි. ඊට වැය කර ඇති මුදල රු.මි. 73,627කි.

වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 2000ක මුදලක් අනුමත කළ ද රාජ්‍ය බැංකු මගින් වීසින් එම මුදල් ලබා ලබා ගැනීමට නොහැකි විය. එමනිසා වී අලෙවි මණ්ඩලය සතු මුදල් වලින් රු. මි. 850ක් වැය කර පසුගිය යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 7072ක් මිල දී ගැනීමට කටයුතු කළේය.

නමුත් යල කන්නයේ ගොවීන්ට යුරියා පොහොර ලබා දීම නිසා අපේක්ෂිත ඉළක්කයට වඩා අස්වැන්නක් ඇතැම් ප්‍රදේශවලින් ලබා ගැනීමට හැකි විය. මේ වනවිටත් ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව සතුව කන්න තුනක වී අස්වැන්න ඇති බව ද වාර්තා වේ.

එමනිසා තවදුරටත් සහල් ආනයනය කිරීම මගින් ගොවි ජනතාවගේ වී අස්වැන්න අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මේ අතර රටේ ජනතාවට මෙන්ම ගොවියන්ට දරාගත නොහැකි ආර්ථික විනාශයක් අත්කරදුන් රාජපක්ෂ රෙජිමය ගැනත් එයට එරෙහි අරගල දියත් කිරිමේ අවශ්‍යතාවයත් දැන් අමතකව යමින්  තිබේ.
විශේෂයෙන්ම හිටපු ජනපතිගේ පොහොර පිළිබද මුග්ද තීන්දුව මෙම විනාශයට මුලික වි තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article