Saturday, November 23, 2024

ප්‍රතිකියක හිඟයක් නිසා ජාතික රුධිර පාරවිලයනය අර්බුදයක

Must read

ඒඩ්ස්, හෙපටයිටීස් බී හා හෙපටයිටීස් සී රෝග පිළිබඳ රුධිර පරීක්ෂා සඳහා භාවිත කරන “එලයිසර්” ප්‍රතික්‍රියක කට්ටල මේ සතියේදී අවසන් වීමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් මාසික සංචිතයක් තම ආයතනය සතුව පැවතිය යුතු වූවත් මේ වන විට පවතින ප්‍රතික්‍රියක තොග මේ සතිය තුල අවසන් වීමේ අවදානමක් පවතින බවයි.

මේ සම්බන්දයෙන් මේ  වන විට සියලු නිලධාරීන්,රාජ්‍ය අංශ මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවද දැනුවත් කර ඇති බව අධ්‍යක්ෂකවරයා පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අවශ්‍ය ප්‍රතිපාදන පිළිබද ගැටලුවක් හේතුවෙන් ප්‍රතික්‍රියක හිගය උද්ගත වී ඇති බවත්, සාමාන්‍යයෙන් මසකට රුධිර සාම්පල 30,000ක් පමණ පරික්ෂා කරන බැවින් මසක කාලයක් සදහා මෙම ප්‍රතික්‍රියක 30,000ක් අවශ්‍ය බවත්  රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් ක‍ළේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article