Saturday, September 21, 2024

‘පාන් දියව්-පෝර දියව්’ වතුකරයෙන් හඬ නැගේ

Must read

මොහොතින් මොහොත ඉහල යමින් තිබෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ හේතුවෙන් පිඩාවට පත්

කඳුකරයේ වතු කම්කරුවන් හා ගොවීන් එක්ව රාජපක්‍ෂ  ආණ්ඩුවට එරෙහිව විරෝධතා දක්වා තිබේ.
නුවරඑළිය – රාගල මහකුඩුගල නගරයට එක්වූ සිය ගණනක් වතු කම්කරුවන් සහ ගොවීන් දෙමළෙන් හා සිංහලෙන් සටන් පාඨ හඬ නගමින්  බෲක්සයිඩ් මංසන්ධිය දක්වා විරෝධතා පා ගමනක නිරත විණි.

”හාල් මිල අඩු කරපන්”
”පෝර මිල අඩු කරපන්”
”දියව් දියව් පාන් දියව්”
”දියව් දියව් පෝර දියව්”

සටන් පාඨ කියමින් බෲක්සයිඩ් මංසන්ධියේදී උද්ඝෝෂණය කළ ඔවුන් කියා සිටියේ,  ”පොහොර හිඟය, ඉන්ධන සඳහා වන  ඉහළ මිල, අඛණ්ඩ කෙරෙන විදුලි කප්පාදුව, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම නිසා කඳුකරයේ  ගොවි හා කම්කරු ජනයා දැඩි ලෙස පිඩා විඳින බවයි.

ඊට නිසි විසදුම් ලබා දෙන ලෙස ඔව්හු ආණ්ඩුවට බලකර සිටියහ.

හෝරාවක් පමණ පැවති මෙම  උද්ඝෝෂණය පොලිසිය මැදිහත්ව විසුරුවා හරින ලදී.

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article