අද (16) දින ලැබුණු තොරතුරක් මත වනජීවී නිලධාරීන් විසින් සිදු කරන ලද විශේෂ මුර සංචාරයකදී මීගස්වැව ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම ප්රදේශයේ පිහිටි හේනක පැලක් පරීක්ෂා කිරීමේදී මෙම තුවක්කු අත්අඩංගුවට ගෙන තිබේ
-සොයාගත් නඩු භාණ්ඩ:
1. නීති විරෝධී බලපත්ර රහිත කැප් තුවක්කුවක්
2. නීති විරෝධී බලපත්ර රහිත බඳින තුවක්කුවක්
මෙම ගිනි අවි දෙක තම සන්තකයේ සහ පාලනයේ තබාගෙන සිටි සැකකරු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සහ නඩු භාණ්ඩ ඉදිරි දිනකදී කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



