දින දින කොන්ක්‍රීට් වනාන්තරයක් /කාන්තාරයක් බවට පත්වෙන මහියංගණ නගරයේ අළුතින් ගස් සිටුවීම වෙනුවට, ඉතිරිව පවතින දැවැන්ත ගස්ද කපා ඉවත් කිරිස සම්බන්ධයෙන් දැඩි කථාබහක් නිර්මාණය වී ඇත.
නගරයේ පෞද්ගලික බස් නැවතුමට නව පාරක් සැකසීම වෙනුවෙන්, පළතුරු කඩ පේලිය ආසන්නයේ පැවති, වසර 30-35කට අධික කාලයක් මහියංගණ නගරයට සෙවණ දුන් දැවැන්ත කොහොඹ ගස් 03ක් කපා දමා ඇතැයිද, එලෙස බස් නැවතුමට නව මාර්ගයක් අත්‍යවශ්‍යව පැවතියේනම් ඒ අවට පවතින අනවසර ගොඩනැගිලි ඉවත් කර එවැනි කටයුත්තක් පසුවෙන් සිදු කල හැකියාව තිබු බවත්, නගරයේ හදවත බදු ඉතිරිව පවතින දැන්ත වෘක්ෂ ඉවක් බවක් නොමැතිව කපා දැමීම තමන් දැඩි ලෙස හෙලා දකින බව “ හරිත නගරය“ කට දැඩි කැමැත්තෙන් පසුවන්නන් පවසති.
පැවති දැඩි වියළි කාළගුණ තත්වය හේතුවෙන්ද නගරයේ ස්ථාන කිහිපයක තිබු වෘක්ෂද මැරි ගොස් ඇති අතර අලංකාරයට සිටුවු පැළද මැරී ඇත.
ඉදිරි වර්ෂා සමය ආරම්භයත් සමඟ, පරිසර සංවිධාන, ආගමික ස්ථාන, ස්වෙච්ඡා සංවිධාන, විවිධ සංගම් හා රාජ්‍ය ආයතන අත්වැල් බැඳගෙන, නගරය පුර දැවැන්ත රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතු බවත් හරිත නගරයක් වෙනුවෙන් සියළු දෙනා කැපවී වැඩ කටයුතු සිදු කල යුතු බවත් ඔවුන් පවසති.
(බිංතැන්නේ වං හුං ෆේස්බුක් පිටුවෙනි)


