Wednesday, September 30, 2026
spot_img
spot_img
spot_img
spot_img

අධිකරණ නියෝගය නොපෙන්වා මන්ත්‍රිව අත්අඩංගුවට ගත් පොලිසිය

Must read

උපවාස කොට මිය තිලිපන් වෙනුවෙන් නල්ලුර් කෝවිල අසල වැල්ලේ කපුර කෑල්ලක් දල්වා බුහුමන් දැක්විමට ගිය යාපනේ පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාසා ගජේන්ද්‍රන්ව අත්අඩංගුවට ගන්නේ අඩුම තරමින් අධිකරණය නියෝගයක් පවා පෙන්වන්නේ නැතිව බව අදාල විඩියෝ සාක්ෂි මගින් ඉතා පැහැදිලිවි තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍රන් දිගින් දිගටම කියා සිටියේ අධිකරණ නියෝගයක් ඇතිනම් එය පෙන්වන්නට යැයි කියාය.

(තතු ඒසේව තිබියදි දකුණේ ඇතැම් මාධ්‍ය මේ පුවත වාර්තා කර තිබුනේ අධිකරණ නියෝග කඩ කිරිම නිසා ගජේන්ද්‍රන් මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගෙන ඇති බවය.)

ඒ ගැන මුනිවත රැක්ක යාපනේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා මන්ත්‍රිවරයා පමණක් නොව තවත් දෙදෙනෙකුවද බලහත්කාරයෙන් පොලිසිය වාහන වලට නංවා ගන්නා අයුරු යාපනේ මාධ්‍යවේදින් විසින් මේ වන විටත් ලෝකයට පෙන්වා හමාරය.
ජනපති එක්සත් ජාතින් හමුවේ ජාතින්ගේ අන්‍යන්‍යාතාවලට ගරු කරන බව කිවද , ජනතාවට විරෝධතා දැක්විමට අයිතියක් ඇතැයි කිවද සරත් විරසේකරගේ පොලිසියට ඒ්වා අදාල නැති සේය.

වඩාත් ලැජ්ජා සහගත කරුණ නම් යාපනේ මූලස්ථාන පොලිස්පරික්ෂකවාරයාගේ වාචාල ප්‍රකාශයයි .ඔහු රැස්ව සිටි අය හමුවේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කැමැත්තෙන්ම ජිප් රථයට නැග්ග බවය.
ජනපති ලෝකයා හමුවේ කුමක් කියා සිටියද සරත් පොලිසිය දැනටමත් ජනපතිව අම්බානකට පිචන් කර හමාරය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article