Friday, September 20, 2024

බඩ රැක ගන්නවාද? බඩ අඩු කර ගන්නවාද?

Must read



පළමුවන උපතිස්ස රජු විසින් කරවන ලද තෝපා වැව පුළුල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් නිර්මාණය වු පරාක්‍රම සමුද්‍රය හෙළයේ අසමසම පාලකයෙකු වු 1වන පරාක්‍රමබාහු මහරජුගේ නිර්මාණයකීමේ වන විට පරාක්‍රම සමුද්‍රය මගින් අත්පත් කර ගන්නා ලද ආර්ථික ප්‍රතිලාභයේ තරම දන්නා තරමින් පහත දැක්වේ

1. වාර්ෂික වී නිෂ්පාදනයෙන් 5%ක නිෂ්පාදන ධාරිතාවක් නිපදවීමට ජලය ලබා දීම

2. කෘෂිභෝග වගාව,මිරිදිය මත්ස්‍ය කර්මාන්ත වැනි සෘජු හා වක්‍ර ආදායම් මාර්ග මගින් වාර්ෂිකව දළ ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 4.4ක මුදලක් පොම්ප කිරීම

3. පවුල් 20,000ක බඩ වියත රැක දීමපෙර රජදරුවන්ගේ දූරදර්ශි චින්තනය නිසා ඒසා විශාල ප්‍රතිලාභ නුතනයට ද උරුම විය.හැමදාමත් ඉතිහාසය ගැන කයිවාරු ගහන අපිට එය මහත් අභිමානයකීඇත්තටම රාජාණ්ඩු පාලනයෙන් පසුව මෙතක් ගත වු කාලරාමුව තුළ හෙළදිව ඉතිහාස ගත වන්නේ අවටියල් පැත්තට වැඩි බරක් සහිතවය.

ඒ රටේ අවාසනාවය, මෑත ඉතිහාසය පට්ට අවුල් වන්නේ කලවම් සිස්ටම් එකට වියවුල් මනසකින් යුක්තව මුහුණ දීමට නොහැකි වන නිසාය.රජුන් තැනු දේ හා සමාන නිපැයුම් තනන්නට නොහැකි වීම හා තැනු දේ රැක ගැනීමට අපොහොසත් වීම යනු කරුණු දෙකකි, අඩුම තරමේ හදන්නට බැරි නම් රකින්නට වුවද අප සමත් විය යුතුය.

හැමදාමත් අරාජිකත්වය උරුම කරගන්නා නුතන ලාංකිකයෝ තවත් එක් අනුවණ වැඩකට අත ගසා ඇති බවට තොරතුරු වාර්තා වේ.”පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා ඇවිදින මංතීරුවක් ඉදි කෙරේ”මෝඩ යක්කු…වැවක හදවත වැව් බැම්ම වේ නම්,වැව් බැම්ම රකින පණනල වන්නේ රළපනාවය.

මේ සරල සිද්ධාන්තයවත් නොදන්න..නුතන උගත් මෝඩයෝ රළපනාව ගලවා ඇවිදින මංතීරු තැනීම තරම් ගැරි වැඩක් තවත් නැත.එදා සිරිසේනලා පරාක්‍රම සමුද්‍රයේ හෝටල් තැනුවෝයඅද රණසිංහලා රළපනාවේ ඇවිදින මංතීරු හදති.නුතන විගඩම් හා විච්චුරුන එක්ක අපේ පොළොන්නරුවේ පොෂ් මහත්වරුත් ළගදීම පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවේ බඩ අඩු කරගන්න ඇවිද යනු ඇත.

හැබයි ඉතින් මෙවැනි නුතන කෙනෙහිලිකම් මැදින් රටේ බඩ රකින පරාක්‍රම සමුද්‍රය නුදුරේදීම අපට අහිමිව යනු ඇත.

ඉතිහාසය දේශක – රේණුක දේවපුර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article