මඩකලපුව – කල්කුඩා විනයාගපුරම් ප්රදේශයේදී 14 හැවිරිදි දැරියකගේ රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ හිටපු හමුදා සෙබලෙකු සහ 22 හැවිරිදි තරුණයෙකු කල්කුඩා පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් වාලෙයිචේන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ඔහු පැවසීය.
මෙම දැරිය විනයාගපුරම් ප්රදේශයේ සිල්ලර බඩු කඩයකට ගොස් ආපසු යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තරුණයෙක් ඇය පැළඳ සිටි රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් දම්වැලක් පැහැරගෙන ගොස් ඇත. මෙම සොරකමට හිටපු හමුදා නිලධාරියෙකුද සම්බන්ධවී තිබේ. පසුව කල්කුඩා පොලීසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
කල්කුඩා පොලිස් ස්ථානාධිපති චන්දන විදානගේ මහතා පැවසූවේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු හමුදා සෙබළාට තවත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි.
රුද්රා