මඩකලපුව , වාලච්චේනේ සෞඛ්‍ය වෛද්‍ය කලාපයට අයත් මරුදනගර් ග්‍රාමයේ දී අද (29) අද පුද්ගලයන් 43 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂන සිදුකළ අතර 20 දෙනෙකුට පී.සී.ආර් පරීක්ෂන සිදුකරන ලදී. එහිදී සිදුකරන ලද පරීක්ෂණ වලදී එක්පුද්ගලයෙකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරුකරගන්නා ලදී. මෙම පරීක්ෂණ වලට ලක්කරන ලද්දේ මෑතකදී මරුදනගර් ග්‍රාමයේ පැවැත්වූ මළගෙදරකට ගොස් ඇති පිරිසකි. මෙම පරීක්ෂන සදහා වාලච්චේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහභාගී වන ලදී.