ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස්නාහිර පළාතේ සිට පිටත්ව ගොස් හෝටල් ලැගුම් හල් සහ නවාතැන් ගන්නා ස්ථානවල රැඳි සිටින පිරිස්වල තොරතුරු සෙවීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරිනීතිය පනවන බවට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඇතැම් පිරිස් පොලීසිය සහ පොලිස් මාර්ග බාධක මඟහැර එම පළාතෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේය.
එමෙන්ම සඳුදා ඇඳිරි නීතිය ඉවත් කල පසු ඔවුන් කොළඹට පැමිණීමේ දී ද ඔවුන් කොළඹින් පිටත්ව ගිය ආකාරය පිළිබද ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවත්,ඒ අනුව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.