Friday, May 17, 2024

බස්නාහිර පළාතෙන් පිටව ගිය අය සොයන්න විශේෂ මෙහෙයුමක්

Must read

ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස්නාහිර පළාතේ සිට පිටත්ව ගොස් හෝටල් ලැගුම් හල් සහ නවාතැන් ගන්නා ස්ථානවල රැඳි සිටින පිරිස්වල තොරතුරු සෙවීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරිනීතිය පනවන බවට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඇතැම් පිරිස් පොලීසිය සහ පොලිස් මාර්ග බාධක මඟහැර එම පළාතෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේය.

එමෙන්ම සඳුදා ඇඳිරි නීතිය ඉවත් කල පසු ඔවුන් කොළඹට පැමිණීමේ දී ද ඔවුන් කොළඹින් පිටත්ව ගිය ආකාරය පිළිබද ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවත්,ඒ අනුව නීතිමය පියවර ගැනීමට බලාපො⁣රොත්තු වන බවත් අජිත් ⁣රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article