Saturday, September 21, 2024

මංතීරු නීතිය ක්‍රියාත්මකයි : දඩය රු.2000

Must read

කොළඹ නගරයේ අධික රථවාහන තදබදයට විසදුමක් වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස් ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර ක්‍රියාක්මක කර ඇති ප්‍රමුඛතා මංතීරු නීතිය කඩකර රියදුරන්ට එරෙහිව රුපියල් 2000ක දඩයක් පැනවීම එළැඹෙන සඳුදා සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය නිවේදනය කරයි.

ඒ අනුව අද (17) සහ හෙට (18) දෙදිනත් මංතීරු නීතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකය.

පොලීසිය පැවසුවේ තනි ඉර කපා වාහන ඉස්සර කිරීම, ද්විත්ව ඉරි කපා වාහන හැරවීම ඇතුළු මංතීරු නීතියට අයත් වැරදි 14 කට එරෙහිව රුපියල් 2000 ක දඩයක් ලබන සඳුදා සිට පැනවෙන බවය.

බස්, ත්‍රිරෝද රථ හා යතුරු පැදි ඒ සඳහාම විශේෂිත මංතීරුවේ ධාවනය කිරීමත් අත්‍යවශ්‍ය වන අතර ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කිරීමට නියමිත ය.

සෑම සතියේ දිනකම පෙරවරු 6 සිට 9 දක්වාත්, පස්වරු 4 සිට 7 දක්වාත් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article