Saturday, November 23, 2024

කල්කුඩා දුම්රිය හරස් මාර්ගයකදී වාහනයක් දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියයයි

Must read

මඩකලපුවේ කල්කුඩා දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු  මිය ගොස් ඇත.   සෙනසුරාදා (16) සවස මඩකලපුවේ සිට කොළඹ බලා යමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකට මෙම  වාහනය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.දුටුවන් පවසන්නේ රියදුරුට වාහනයේ වේගය පාලනය කර ගත නොහැකිව ඉදිරියට එන දුම්රියේ ගැටී දුම්රිය හරස් මාර්ගය බිඳ දැමූ බවයි.
මියගොස් ඇත්තේ මඩකලපුවේ සේතුකුඩා හි සෙබස්තියන් අරුල්නාදන් (48) ය.
මෘත ශරීරය මරණ පරීක්ෂණය සඳහා වලෙයිචෙනයි මූලික රෝහලේ තබා ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් කල්කටා කල්කුඩා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

රුද්‍රා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article