Friday, September 20, 2024

සියදිවි නසා ගැනීම් තුනක්.

Must read

ඊයේ (23) දිනයේදී පමණක් දිවයිනේ ප්‍රදේශ තුනකින් සියදිවි නසාගැනීමේ සිදුවීම් ත්‍රිත්වයක් සිදුව ඇති බව වාර්තා වෙයි. ඒ අතරට වයස අවුරුදු 25ක්වන ඉන්දීය ජාතික තරුණයෙකුද අයත් බව හෙලිවී තිබේ. එම තරුණයාගේ සිරුර ඊයේ වැල්ලවත්ත ප්‍රදේශයේ නිවස තුල තිබියදී හමුවී තිබේ.

ඊට අමතරව තවත් සියදිවිපනසා ගැනීමක් වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වන අතර එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.

එමෙන්ම මින්නේරිය ප්‍රදේශයේ කුඹුරුයායක මියගොස් සිටියදී තවත් පුද්ගලයෙකු හමුවී ඇති අතර එම පුද්ගලයාද සියදිවි නසා ගන්නට ඇතැයි මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article