Thursday, September 10, 2026
spot_img

ජාවාරම්කරුවන් මේ තරම් ගේම් ගහන්නේ වයඹ වෙරළ තීරයේ නාවික හමුදාවට බය නැති නිසාද ?

Must read

 

සින්නපාඩුව,කරුකපනේ උඩප්පුව,මුතුපන්තිය,දළුව මුහුදු ප්‍රදේශවලට අතහැර දමාගොස් ඇති බිඩි කොල තොගයක් නාවික  හමුදාව විසින් අද (9) උදෑසන අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

. ජාවාරම්කරුවන් විසින් මෙලෙස මුහුදේ අතහැර දමාගොස් ඇත්තේ පසුගිය 07 වනදා ගොඩබෑමට සුදානමින් තිබූ බීඩිකොළ බවද එම වාර්තා වල වැඩිදුරටත් සඳහන්ය.

ජවාරම්කරුවන් මෙසේ නිතිවිරෝධි ද්‍රව්‍ය මූදට අතහැර දමා යන්නේ සැබැවින්ම වෙර⁣ළාරක්ෂක මෙහෙයුම් දැඩිකර ඇති නිසාද යන්න ගැටළු සහගතය.

මේ පසුබිම තුල  තිත්ත ඇත්ත බවට පත්ව ඇත්තේ ජාවාරම්කරුවන් මේ තරම් ගේම් ගහන්නේ නාවික හමුදාවට බය නැති නිසා බවට කතා බහක් දැන් කලක පටන් වයඹ වෙරළ තීරයේ පුරවැසියන් අතර පැවතිමය..

මේ තරම් මුදල් වැය කො⁣ට ඉන්දියාවේ සිට කිසිදු බියක් නැතිව මේවා වයඹ වෙරළ තීරයට අඛණ්ඩවම ගෙන එමින් සිටින්නේ මේ ජාවාරම් සඳහා නාවික හමුදාවේ ඇතැමුන්ගේ සහයක්ද තිබිය හැකි නිසා නොවේද යන ප්‍රශ්නයක්ද මේ අනුව දැන් මතුව තිබේ.සැබැවින්ම එය සාධාරණ සැකයක් සහිත ප්‍රශ්ණයකි.

මේ අතර වයඹ වෙරළ තීරයේ ඇතැම් නාවික භටයන්ගේ මෙන්ම ඇතැම් නිලධාරීන්ගේද විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ද මේ වන විටත් නාවික හමුදාපතිවරයා වෙත  විවිධ ක්‍රම ඔස්සේ දැනුම්වත් කර ඇතැයිද වාර්තා වේ.

හලාවත නාවික හමුදා⁣වේ ඇතැමුන්ට අදාලව විවිධ ජවාරම්කරුවන් සමඟින් ඇතැයි සැක කෙරෙන විවිධ සම්බන්ධතා ගැනද පසුගිය කාලය තුල සමාජ කතිකාවක් පැවති බවද අමතක නොකළ යුතුය.

කුප්‍රකට කහ ජාවාරම්කරුවෙකු ගැන වඩාත් ප්‍රසිද්ධ කතාද පසුගිය කාලය තුල සමාජ ගත වෙමින් තිබුණි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article