Monday, September 14, 2026
spot_img

IDH රෝහලෙන් පලාගිය ආසාදිතයා ගමන්ගත් ත්‍රීරෝද රථයේ රියදුරු කන්දකාඩු වෙත යොමු කෙ⁣රේ

Must read

අයි.ඩී.එච්. රෝහලෙන් පලාගොස් සිටියදී ජාතික රෝහල් පරිශ්‍රයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ සිට කොළඹ ජාතික රෝහල දක්වා රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරු කන්දකාඩු මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය ආසාදිතයා කොළඹ කෙලින් වීථියට ගොස් එතැන් සිට ත්‍රිරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.කෙසේ වෙතත් ඔහු කොළඹ කෙලින් වීථියට පැමිණ ඇත්තේ කෙසේ දැයි සෙවීම සදහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article