Friday, September 20, 2024

මහනුවර රෝහලේ හෙද කාර්යමණ්ඩලය විරෝධතාවයක

Must read

කොවිඩ් 19 වසන්ගත සමයේ හෙද කාර්ය මණ්ඩලය සඳහා ගෙවිය යුතු නිවාඩු දීමනා හා අමතර දීමනා කප්පාදුව ට එරෙහිව මෙන්ම හෙද කාර්ය මණ්ඩල ප්‍රවාහන පහසුකම් විධිමත්ව ලබානොදීමට එරෙහිව සිය විරෝධය පලකරමින් මහනුවර ජාතික රෝහලේ හෙද කාර්යමණ්ඩලය (13) දින පෙරවරුවේ සිය විරෝධතාවක නිරත විය.

එමෙන්ම මේ වන විට රටතුල නැවතත් දෙවන කොවිඩ් රැල්ලක් පැතිර යාමේ අවදානමක් ඇති බවත් ඒ හේතුවෙන් හෙද කාර්යමණ්ඩලවල සහය රජයටඅවශ්‍ය බවත්, පසුගිය සමයේදී මෙන් මෙවර හෙද කාර්යමණ්ඩලයේ කිසිවෙකුත් ස්වේච්ඡාවෙන් සේවයට එක් නොවීමට තීරණය කර ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ප්‍රභාත් පලිපාන මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article