Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

නාලක හැර ගෝඨාභයගේ ‘වියතුන්’ අනාතයි! – චරිත හේරත්ටත් කැපෙන ලකුණු!

Must read

ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරලියට ගෙන ආ ‘වියත්මඟ’ සංවිධානයේ උගතුන්  100කට වැඩි පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කරන බවට ප්‍රචාරකයක් ගෙනයමින් ආණ්ඩුවේ මාධ්‍ය ජාලය විසින් ජනතාව තුල

විශාල බලාපොරොත්තුවක් ඇතිකර තිබුන ද ඒ සියලු අපේක්ෂා බොඳ කරමින්, හිටපු දේශපාලනඥයින් සියයට අනු පහකට (95%) වැඩි පිරිසකට නාමයෝජනා ලබාදීමටතීරණය කර තිබේ.

ඒ අනුව මේවනවිට වියතුන් නියෝජනය කළ පිරිස අතරින් නාමයෝජනා අත්සන් කර ඇත්තේ ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු කිහිප දෙනෙකු පමණි.

Nalaka Godahewa

මෙහි විශේෂතම කාරණය වන්නේ, පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී විපක්ෂය නියෝජනය කරමින් විශාල මතවාදීමය කාර්ය භාරයක් ඉටුකල මහාචාර්ය චරිත හේරත්ට නාමයෝජනා ලබාදීමට ‘පොහොට්ටු’ පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රීක් නායකත්වය දැඩි ලෙස විරෝධය පළකර තිබීමයි.

එසේම, ජනප්‍රිය ව්‍යවසායකයකු වන කැලුම් ජයසුන්දර ගේ නම ද කැපී ගොස් ඇත.

 

පළාත් සභාවලින් සැනසීමට සිදුවෙලා !

ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරලියට ගෙන ඒමට දායක වූ විද්වතුන් විශාල පිරිසක් ආණ්ඩුවේ තනතුරු හා වරප්‍රසාද නොගෙන මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබුනේ, මීළඟ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා බලාපොරොත්තු වන්නේ නම්, රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා ඉදිරිපත් නොවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔවුනට කළ දැනුම් දීමකට අනුවය.

ඒ අනුව නීතිඥ දිලිත් ජයවීර හා ගාල්ල දිස්ත්‍රීක්කයෙන් ද මහාචාර්ය චන්න ජයසුමන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ ලලිත් පියුම් පෙරේරා සහ මහාචාර්ය සුදන්ත ලියනගේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය චරිත හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද ශර්මිලා ගෝනවල හා දමිත වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රීක්කයෙන් ද මහ මැතිවරණයට ඉදිරිපත්වීම බලාපොරොත්තුව සිටියහ.

කෙසේවුවද ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට නාමයෝජනා ලබාදෙන බවට ‘වියත්මඟ’ උගතුන්ට අගමැති මහින්ද රාජපක්ෂ පොරොන්දු වී ඇතැයි ‘පොහොට්ටුවේ’ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 

 

(theleader)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article