Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

නිරෝධායන මධ්‍යස්ථානයක් සදහා වව්නියාවෙන් විරෝධය : ජනතාව දැනුවත් නොකල බවට චෝදනා

Must read

වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳවුරක් තුළ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට විරෝධය පල කරමින් වව්නියාව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් ඊයේ (14) විරෝධතාවයක නිරත විය.  වව්නියාව නෙලුකුලම ප්‍රදේශයේ දී මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කොට ඇති අතර, විරෝධතාවට වව්නියාව දෙමළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිට ඇත.

බස් රථ 6කින් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 213 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳවුරක් වෙත 13 වැනිදා සවස රැගෙන ගොස් ඇති අතර එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමකින් තොරව විදෙස්ගතව සිට පැමිණෙන පිරිස් පම්පමඩුව ප්‍රදේශයේදී කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒම තුළින් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව පවසමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article