Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් උණුසුම් කාලගුණය ගැන ජනතාවට නිවේදනයක්

Must read

වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් සහ මන්නාරම හා මොනරාගල යන දිස්ත්‍රික්ක මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානයක්“ යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි.

මේ නිසා නිවෙස් වලසිටින වැඩිහිටයන් හා රෝගී පුද්ගලයන් සම්බන්දයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙසටත්, වැඩබිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, හැකි පමණ සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම සිදුකළ යුතු බවත්,කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා තබා යාමෙන් වැලකී සිටින ලෙසත්, එළිමහනේ ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික වෙහෙසකාරී කටයුතු සීමාකිරීම හා සෙවණ ඇති ස්ථානවල රැදී සිටීම  ද සිදුකළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් එම නිවේදනයේ සදහන් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article