Thursday, May 2, 2024

වැලිකඩ ඝාතනය පසුබිම් වූ කෘතියක් එළිදකී

Must read

 

විමුක්ති දුෂාන්ත

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත ’12-11-10 වැලිකඩ’ කෘතිය එළිදැක්වීම ලබන සැප්තැම්බර් 15 වැනිදා සවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී සිදු කිරීමට නියමිත බවට වාර්තා වේ.

2012 නොවැම්බර් 09 වැනිදා ආරම්භ වී 10 වැනිදා අවසන් වූ ආන්දෝලනාත්මක වැලිකඩ බන්ධනාගාර සිදුවීම අරඹයා මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් පුවත්පත් දෙකක් මගින් අනාවරණය කරන ලද තොරතුරු සහ එම සිදුවීම සොයා බැලීමට පත්කෙරුණු දෙවැනි කමිටු වාර්තාවේ සඳහන් තොරතුරු පාදක කොටගෙන මෙම කෘතිය රචනා කොට තිබේ.

ගවේෂණාත්මක තරුණ මාධ්‍යවේදියෙකු සහ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු වන කසුන් පුස්සෙවෙල විසින් රචිත මෙම කෘතිය එළිදක්වන අවස්ථාවේ ප්‍රධාන අදහස් දැක්වීම් සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් , ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සහ වැලිකඩ බන්ධනාගාර සිදුවීමේ දී ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් සහභාගීවීමට නියමිත අතර මෙම ඝාතන සිදුවීමට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීම ද එදින සිදුවේ.

අහස ප්‍රකාශනයක් ලෙස එළිදැක්වෙන මෙම කෘතිය එදින දී සහ එළඹෙන කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී කුටි අංක H1 25 අහස පොත් කුටියෙන් මිළ දී ගත හැක.
www.dinamina.lk

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article