Saturday, May 18, 2024

2019 ඔස්කාර් සම්මාන උළෙලේ හොදම චිත්‍රපට අතරට ශ්‍රී ලංකාවේ ‘The Frozen Fire’ එක්වෙයි

Must read

Frozen-Fire-movie-poster1
ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ නොමැකෙන සංධිස්ථානයක් සටහන් කිරීමට අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කල ‘The Frozen Fire’ චිත්‍රපටය සමත් වී තිබෙනවා. ඒ එදා මෙදාතුර ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔස්කාර් සම්මාන උළෙලක හොදම චිත්‍රපටය සදහා නිර්දේශ වූ ප්‍රථම චිත්‍රපටය බවට පත්වෙමිනුයි. ඒ අනුව ‘The Frozen Fire’ එළඹෙන වසරේ එනම් 2019 වසරේ හොදම චිත්‍රපටය තේරීමේ නිර්දේශිත චිත්‍රපටයන් අතරට එක්ව ඇති බව නීත්‍යානුකූලව එම නිලධාරීන් විසින් දන්වා තිබෙනවා.ගින්නෙන් උපන් සීතල හෙවත් ‘The Frozen Fire’ චිත්‍රපටය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී ප්‍රදර්ශනය කෙරිණි. මින් පෙර ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ වී ඇත්තේ අවස්ථාවන් දෙකකදී පමණක් වන අතර එම අවස්ථාවන් දෙකේදීම එම චිත්‍රපට නිර්දේශ වී ඇත්තේ “හොදම විදෙස් භාෂා චිත්‍රපටය” යන කාණ්ඩයටයි.

සිනෙප්‍රෝ ලංකා ඉන්ටර්නැෂනල් වෙනුවෙන් චමත්ක පීරිස්ගේ නිෂ්පාදනයෙන් හා අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ගින්නෙන් උපන් සීතල හෙවත් ‘The Frozen Fire’ චිත්‍රපටයේ තිර රචකයා වන්නේ ආරියවංශ ධම්මගේ මහතායි. මෙම චිත්‍රපටය  විජේවීර මහතාගේ ජීවිත කථාව හා බැදුණු සිදුවීම්,පුද්ගලයන් ආශ්‍රයෙන් නිර්මාණය වී ඇත. එහිදී විශේෂයෙන් විජේවීර මහතාගේ නිදහස් වීමෙන් වසර 12 ආන්දෝලනාත්මක ජීවිත කාලය හා ඔහුව 1980ගණන් වල ඝාතනය කිරීම දක්වා වන කාල සීමාවේදී සිදුවූ සිදුවීම්, පවුල,මිතුරන්, දේශපාලන මිතුරන් ,සටන්මිතුරන් අතර මෙම කථාව ගෙතී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article