Saturday, May 18, 2024

ජපානය ගැන නිවැරදි අනාවැකි කී බූවල්ලා මරා දමයි.

Must read

මින් පෙර අවස්ථාවන් කිහිපයකදීම පැවැති ලෝක ශූරතා තරගාවලි අවස්ථාවන් ජයගන්නා කණ්ඩායම් සම්බන්දයෙන් නිවැරදිව අනාවැකි කී සතුන් වාර්ථා විය. එලෙසම  මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදීද ජපානයෙන් එවැනි තරමක වෙනස් පුවතක් වාර්ථා වෙයි. ඒ ජපානය පිළිබඳව නිවැරදි අනාවැකි පළ කළ බූවල්ලෙක් මරා අලෙවිය පිණිස වෙළඳපොළට යොමුකිරීමේ ප්‍රවෘත්තියකි.

මේ බූවල්ලා විසින් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සහභාගි වූ තරග වූ කොලොම්බියාවට එරෙහි තරගය ජය ගන්නා බවත්, සෙනගාලයට එරෙහි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන බවත් පෝලන්තයට එරෙහි තරගය පරජය වන බවටත් නිවැරදි අනාවැකි පළකර ඇත. එහිදී බූවල්ලා ජලය පිරවූ භාජනයකට දමා එයට රටවල් වල කොඩි ඇලවූ ආහාර බදුන් දමා ඇති අතර එහිදී බූවල්ලා මුලින්ම ආහාර ගන්නා බදුනේ ඇලවූ කොඩිය සහිත රට තරගයෙන් ජයග්‍රහණය කර ඇත.

කෙසේ නමුත් කිමියෝ අබේ නම් මෙම බූවල්ලාගේ හිමිකරු ජපානය  පිළුමලුන් පිටු දැකීමේ වටයේ තරගය ක්‍රීඩා කරනවාට වඩා තම ව්‍යාපාරය වැදගත් බව පවසමින්  බූවල්ලා මරා ‌අළෙවිය සඳහා ඉදිරිපත් කර ඇති බව වාර්ථා විණි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article