Monday, April 29, 2024

⁣බදුරලිය බොම්බ සිදුවීමේ සැකකරුගේ මල්ලී වෙඩිබෙහෙත් සමග අත්අඩගුවට

Must read

 

බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත්බෝම්බ 13ක් තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මධුසංක හපුආරච්චිගේ සොහොයුරා වෙඩි බෙහෙත් සමඟ බදුරලිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්තුන්ගල ,හැඩිගල්ල ජනපදය පදිංචි හපුආරච්චිගේ පසිඳු පුෂ්පකුමාර නමැති 31 හැවිරිදි අයෙකි.

දික්හේන විදුහලේ තිබී බෝම්බ සොයාගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුදහමුදාව සහ පොලීසිය එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම වෙඩි බෙහෙත් සොයාගෙන ඇත. එහිදී වෙඩි බෙහෙත් ග්‍රෑම් 900ක් , බැටරි කෑලි කීහිපයක් සහ යුද හමුදා කෑම බඳුන් වගයක් අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසින් සොයාගෙන ඇත.

මෙම සැකකරු දික්හේන විදුහලේ සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගේ බාල සොහොයුරා වන අතර තේ වගාවේ නිරතව සිටින ඔහු මීට පෙර ආරක්‍ෂක අංශ වලට සම්බන්ධව සිටියේදැයි පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි .

බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත්බෝම්බ 13ක් තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මධුසංක හපුආරච්චි මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතී.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා,කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න,මතුගම කොට්ඨාස 11 භාර සහකාර පොලිස් අධිකාරි ජයසිරි මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් බදුරලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්.එම්.වනිගතුංග මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

(Ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article