Monday, April 29, 2024

සජිත්⁣ගේ කැපිල්ල සහ රනිල්ගේ තුරුම්පු ඇදිල්ල ?..

Must read

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අභිබවා යන තනතුරක් පසුගිය 29 වනදා එම පක්ෂයට එක්වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායකට පිරිනැමීමට සැලසුම් කර ඇති බව දැනටමත් මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ

මේ වනවිට කිසියම් නිහඬතාවයක සිටින සරත් ෆොන්සේකා ඉක්මවා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජේෂ්ඨ ආරක්ෂක උපදේශක තනතුරක් නිර්මාණය කර දයා රත්නායකට ලබාදී ඇත. එම පක්ෂය තුළ හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් නායකත්වය සමඟ ගැටුම් ඇතිකර ගෙන ති⁣බෙන පසුබිමක මෙම නව පත්කිරිම සිදුව තිබේ.

මෙම ගැටුමේ පුපුරා යාම ඉතා පැහැදිලි ලෙස ඊයේ (30) පැවති විරෝධතා රැළියේදිද හෙළිවිය.මාධ්‍ය හමුවේ සරත් පොන්සේකා කියා සිටියේ සජිත්ට දැන් අඩු ගෝඨාබය ගන්න එක පමණකැයි කියාය.රැස්ව සිටි සමඟි ජන බලවේග ක්‍රියාකාරින්ද මේ ප්‍රකශය ගැන සිහ සිනහව පළ කර තිබුණි

මේ අතර රාජපක්ෂ පවුලේ ඇමතිකම් දරූ එකම පුද්ගලයා වූ ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් මහවැලි සංවර්ධන අමාත්‍යංශය ගලවා ලොහාන් රත්වත්තේට ලබාදීම පිළිබඳව දේශපාලන අංශවල සාකච්ඡාවක් මතුවී තිබේ.

පසුගිය 29 වනදා හදිසියේ ම ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය ඉවත් කරනු ලැබුණි.

මෙය රනිල් විසින් දියත් කරමින් සිටින ගේම් පලැන් එකේ ප්‍රබල තුරුම්පුවක් විය හැකි බව දැනටමත් දේශපාලන කව අතර සංවාදයට ලක්වෙමින් තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීලඟ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව තුළ බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරන බව පුරෝකතනය කර තිබුණ ද, එහි ආරම්භක පියවර ලෙස රාජපක්ෂලා සතුව තිබූ එකම අමාත්‍ය ධුරය ගැලවීම පිළිබඳව දේශපාලන විචාරකයන්ගේ අවධානය යොමුව තිබේ.

සජිත්ගේ කැපිලි වලට එහා ගිය රනිල්ගේ තුරුම්පු ඇදිල්ල ඉදිරි ජනපති සටනේ දිශානතින් ගැන යම් යම් ඉඟිද පහල කරමින් තිබේ.

මේ වනවිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබෙන අතර පෙබරවාරි 07 වෙනි දින නැවත කැඳවන අවස්ථාව වනවිට විවිධ වෙනස්කම් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කිරීමට නියමිත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article