Thursday, May 16, 2024

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය අත්අඩංගුවට !

Must read

කොළඹ, පෙබරවාරි 02 (ඩේලි මිරර්) – ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

අධිකරණ නියෝගයකට අනුව රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ආන්දෝලනාත්මක මානව ඉමියුනොග්ලොබියුලින් ප්‍රසම්පාදන නඩුවේ නඩු විභාගයේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය කළ කරුණු දැක්වීමකට අනුව සිකුරාදා (2) පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය රඹුක්වැල්ලට නියෝග කළාය.

පැය 10කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා
අත්අඩංගුවට ගෙන ඇත.

දේශපාන කව අතර මේ සිදුවිම ගැන දැනටමත් විවිධ සංවාද ඇරඹි ඇති අතර හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට යැයි කථා වෙන්නට පටන් ගෙන තිබේ

මුලාශ්‍රය -ඩේලි මිරර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article