Thursday, May 16, 2024

දේශපාලන සිරකරුවන් අනාරක්ෂිතයි! ජනපතිට සහ අධිකරණ ඇමතිටත් චෝදනා!

Must read

” අතීතයේ දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෝ දේශපාලන සිරකරුවන් කියන අය මැගසින් බන්ධනාගාරයේ තනිව රඳවා සිටියා. නමුත් දැන් ඔවුන් සමඟ වෙන අයත් රඳවා තබා තිබෙනවා. ඒ රැඳවියන් මොරිස් නැමැත්තාට පහර දුන්නා. මෙය කනගාටුවට කරුණක්. ඇත්ත වශයෙන්ම, ඔහුට බන්ධනාගාරයේ අනාරක්ෂිත තත්වයක් තියනවා.”

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් රජයේ හා ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තෘප්තිමත් විය නොහැකි බව පැවසු රාසමාණික්කම් මන්ත්‍රීවරයා එහිදී තව දුරටත් පවසා තිබුනේ අධිකරණ අමාත්‍යවරයාගේ නොසැලකිල්ලද මීට හේතුවක් බවය

“විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා විදිහට ඉන්නවා. හිරගෙවල් තියෙන්නේ ඔහු යටතේ තමයි. ඔහුගේ නොසැලකිල්ල කියලා තමයි කියන්න ඕන.”

දේශපාලන සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවද මීට වඩා ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතු බවයි ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා පවසන්නේ.

මේ අතර දේශාපලන සිරකරුවන්ගේ ප්‍රශ්ණයේදි ලංකාවේ වාමාංශික පක්ෂ සහ බලවේග සියල්ලක්ම ඉතාමත් අවස්ථාවාදි අකාරයකින් කටයුතු කරමින් සිටිම ඉතාමත් පිළිකුල් සහගතය .

විශේෂයෙන් පසුගිය කාලය තුල දේශපාලන සිරකරුවන් ගැන ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය කටයුතු කර තිබුනේ දකුණේ ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදි පමණි.

වසර 15 කට ආසන්න කාලයක් මොරටු සරසවියේ දමිළ සිසුවකු සිරගත කොට තිබුණද ඒ ගැන ශිෂ්‍ය ව්‍යාපාරය කිසි දිනක අරගල කර තිබුනේ නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article